Wednesday, May 30, 2012

මෑත කාලයතුල සිඳුවන සිද්ධියන් ගැන නොකියවූ පිටු

ශ්‍රී ලංකාවතුල මෑත කාලයතුල සිඳුවන සිදුවීම් ගැන බලනවිට එය ඉතා භායනක හා අනතුරැදායක තත්වයක් කරා ගමන්කරමින් තිබේ. දශක තුනක යුද්ධය නිමාවී දිවයිනේ සියළු ජන කොටසක්ම එකමුතුව සාමකාමීව ජීවත්වෙමින් සිටින අතරවාරයේ මෑතකදී සිට භායනක කුණාටුවක් හමා එන ආකාරයක් දැකිය හැක. කොටි සංවිධානයට එරෙහිව ලබාගත් ජයග්රෙහණයයේ උඩඟුකමෙන් ඇතැම් බහුවාදී කණ්ඩායමි තම ඉලක්කය මුස්ලිමි ජාතිකයන් වෙත හරවා තිබේ.

උණුසුමි පුවත් - දරැණු වාද විවාදකමි - විමර්ශනයන් - ජාතියන් අතර ගැටීමක් ඇතිවන අයුරින් දිවයින පුරා ප්රහචණ්ඩත්වයක් පැතිරෙමින් තිබේ. වර්තමානයේ ශ්‍රී ලාංකියන් අතර කථා බහට ලක්වූ කරුණක්වන්නේ දඹුල්ල මුස්ලිම් මස්ජිද් සිද්ධිය වේ. මේ සමිබන්ධදව දෙපිරිසගෙන්ම දේශපාලකයන් - ආගමික නායකයන් - එම ප්රදේශයේ ජනතාවගේ උණුසුම් විමර්ශණ හා වාදවිවාදකම් මාධ්යව තුලින් දැනගන්නට ලැබුණි. නමුත් මෙහි පසුතලය මදක් සොයා බලන්නේනම් අප වෙත ඉතා භයානක විපාකයක් ළඟාවීම වටහාගත හැක.

මෑත සිඳුවිමි ගැන සොයා බලනවිට දේශපාලනික බලවේයන්හි සහයෝගය මත ඉතා සැලසුමි සහගත කණ්ඩායමක් ක්රිුයා කරමින් සිටීම හොඳින් වටහාගත හැකිය. මදක් සිතා බලන්න දශක ගනණක් තිස්සේ පැවැති දඹුල්ල මස්ජිදය සමිබන්ධයෙන් හිටිහැටියෙන්ම ප්රඳචණ්ඩත්වයක් කිරීමට හේතුව කුමක්ද? ඇයි මීට පෙර දඹුල්ල පූජණීය භූමියක්යැයි ඔවුන් දැන සිටියේ නැද්ද? හරි මෙම ප්රහදේශය ආක්රටමණය කර ඇත්නමි මෙයට නීතිමය පියවරක් ගැනීමට නොහැකිද?

මෙහි සැබෑ තත්වය කුමක්ද? අනුරාධපුරයෙහි මස්ජිදය කඩා දැමීම - දෙහිවල අරාබි විදුහල ප්රයශ්නය - අබන්පොල හා දඹුල්ල මස්ජිද් සිද්ධිය - දැන් කුරුනෑගල වැනි වීදිය ආරියසිංහ වත්ත ප්රරශ්නය ලෙස පසුගිය මාස කිහිපයක් තිස්සේ අප වෙත ප්රදචණ්ඩත්වයන් එල්ලවෙමින් තිබේ. මෑතක සිටිම මෙලෙස මුස්ලිමි ජාතිකයන් වෙත එක දිගටම පහර එල්ලකිරීමේ හේතුව කුමක්ද? අනුරාධපුරය මස්ජිදය කඩා දැමීම හා දඹුල්ල - කළුතර විරෝධතාවලට සහභාගවී සිටියේ ඇතම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සුළු පිරිසක්වීම මාධ්යිතුලින් තහවුරැවුණි. එපමණක් නොව මෙම ප්රුචණ්ඩත්වය සඳහා පිට පළාත්වලින් බස් රථ මඟින් විරෝදතාකරුවන් රැගෙන ඇවිත් තිබීම එම ප්රයදේශවල ජනතාවගේ ප්ර කාශ වලින් හෙළිවිය. එනම් යමිකිසි කණ්ඩායමක් මෙයට පසුපසින් සිට ශ්රී ලංකාව තුල සිට ප්රමස්න ඇතිකරන බව සිතිය හැක .

ඔවුන්ගේ ක්රියයාකාරකම් හා පසුතලය..

ඇතම් බහුතර මූලදර්මවාදීන් වර්තමානයේ බටහිර ලෝකය ඇතුළු ජාතියන්තරය පුරා පවතින ඉස්ලාම් දනමේ වර්දනය කෙරෙහි ඇතිවූ ක්රෝලධය නිසා ලංකාවෙහි සාමකාමීව ජීවත්වන මුස්ලිමිවරැන්ව ප්රයකෝප කර එමඟින් ජාතිවාදයක් ඇතිකර ලොකු ප්ර චණ්ඩත්වයක් ඇතිකිරීමට කුමන්ත්රලණ කරමින් සිටියි. මේ සමිබන්ධයෙන් මාගේ අවධානයට යොමුවූ ඇතමි කරැණු මෙසේය.

මෑතකාලයේ සිටි ඇතම් අන්තවාදීන් අන්තර්ජාලවලින් මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ලකරන ප්ර්ධානතම චෝදනාව වන්නේ බෞද්ධ උරැමයන් මුස්ලිමි ජනතාව විසින් ආක්රිමණය කරන බවය. මේ සඳහා ඔවුන් ඉතිරිපත්කරන සාධකවන්නේ පොතුවිල් මුහුදු විහාරය - දෙවනගල විහාරය - කුරැගල විහාරය වැනි ස්ථාන මුස්ලිම් ජාතිකයන් විසින් ආක්රිමණය කළ බවය. මෙහි පසුතලය මෙහි සැබෑ තත්වය ගැන පැහැදිළි කිරීමක් නොමැතිව විකෘතිකරන ලද පුවත් මාර්ගයෙන්ද ජාතිවාදය අවුස්සන ප්රසකාශයන් මඟින්ද සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව හැරවීමට උත්සහදරමින් සිටියි. මෙහි පසුපස සාධාරණත්වයක් තිබෙන්නේනම් නීතිමය හෝ අධිකරණය මාර්ගයෙන් නිසි පියවරක් නොගෙන මුස්ලිම් ජනතාව සමිබන්ධරයෙන් වැරදි මතයක් සිංහල ජනතාව අතර පතුරවීමට හේතුව කුමක්ද?

එපමණක් නොව වර්තමාණයේ අප වටා සිඳුවන සිද්ධියන් ආගමත් සමඟ සමිබන්ධරකර බහුතර ජාතිකයන්ව මුස්ලිමි සමාජයට එරෙහිව ක්රිමයාකරවීම සඳහා තොරතුරු පුවත් විකෘතිකර ප්රසචාරය කිරීමේ අධම කටයුතු අන්තර්ජාල ජනමාධ්ය් මඟින් ආරමිභකර තිබීමද දැකිය හැක. මුස්ලිම්වරැ න්යැයි පැවැසෙන කිහිප දෙනෙකු කරන අපරාධ ක්රිසයාවන්නිසා මුළු මහත් මුස්ලිම් සමාජයම වැරදිකරැවන් යැයි මවා පෙන්වීම ඉතා වේදනාකාරි සිඳුවීමකි. මෙයට කදිම උදාහරණවන්නේ මෑතකදී පුත්තලම - පස්සර - බලපිටිය වැනි ප්රයදේශවල සිඳුවූ සිද්ධියන් ආගමත් සමඟ සමිබන්ධකර අන් ආගමිකයන්ව ඉස්ලාම් ආගමතුලින් ඝාතනයකරන්නයි පවසන බවත් මෙය එහි ආරමිභය පමණක්යැයි ඇතමි ජාතිවාදීන් කණ්ඩායමි විසින් විශාල ප්රසචාර ගෙනයමින් සිටිති. මෙමඟින් බහුතර ජාතිකයන්ව මුස්ලිමවරැන්ට එරෙහිව උසිගැනිවීමේ ක්රිඩයාවන් බව හොඳින් වටහා ගත හැක .

එක මලකට ඉව අල්ලා ඔවුහු වැනසී ගියහ... (http://www.elakiri.com/forum/showthread.php?t=1378020)
පුත්තලමේ මුස්ලිම් ත්රුස්තවාදීන් කඳවුරු බඳිති. (http://www.sinhalaravaya.com/2011/11/19/)

මෑතක සිට ශ්රීල ලංකාවෙහි ප්රුධාන පුවත්පත වන දිවයින - මවිබිම - ලංකා සී නිවිස් - හා රාවය වැනි මාධ්යආවල මුස්ලිමි ජාතිකයන්ව ඉතා අයහපත් අයුරින් පෙන්වා පුවත් නිකුත්කරමින් සිටීම දැකිය හැක. මෙවැනි අසත්ය- පුවත්තුලින් බහුතර ජාතිකයන්ව භීතියට පත්කර මුස්ලිමවරුන්ගේ හැඟීමිද අවුස්සා යළි දිවයිනතුල නොසන්සුන් තත්වයක් ඇති කිරීමට එම ජනමාධ්යෙ ආයතන කටයුතු කිරීමද කණගාටුදායක කරැණකි.


බලන්න

මුස්‌ලිම් පාතාලයේ පිරිස්‌ එක්‌වී “ජිහාඩ්” පැතිරවීමේ සූදානමක් (May 21, 2012 at 12:28 pm | Lanka C News.)
මුස්‌ලිම් අපි ලෝකෙට වධයක්‌ද...? (http://www.divaina.com/2011/08/28/nimna02)
බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් දේශපාලකයෝ එක හඩින් නැගී සිටිති. බෞද්ධ දේශපාලූවෝ නපුංසකයන් සේ හිදී (http://www.sinhalaravaya.com/2012/04/21)


මෙහි බොහෝ අන්තර්ජාලයන් මුස්ලිම් ජාතිකයන්ව හා ඉස්ලාමි ආගමට වැරදි අර්ථයක්දී මඩගැසීමට මුස්ලිම්වරැන්ගේ නමි යොදාගෙන ක්රිpයා කරමින් සිටිති. එම අන්තර්ජාල හා සමාජ අන්තර්ජාල මඟින් මුස්ලිම්වරැන් පිළිපදින ඉස්ලාම් ආගම් - අල්ලාහ් දෙවියන් - කුර්ආනය - මුහම්මද නබි තුමාණන්ට අපහසකර ඉතා පහත් ආකාරයෙන් මඩගැසීමතුලින් මුස්ලිම්ජාතිකයන්ව අවුස්සන අතර බහුතර සිංහල ජාතිකයන්ටද ඉස්ලාම් ආගම හා මුස්ලිමිවරැන් කෙරෙහි වැරදි මතයක්ද ගොඩනඟමින් සිටිති.


බලන්නා
http://musalmanuwa.wordpress.com/
http://anniisa.wordpress.com/

ඔවුන්ගේ තවත් අරමුණක්වන්නේ මුස්ලිම්වරුන්ව ආර්ථික පැත්තෙන් දමනයකර කිරීමය. මේ සඳහා මෑතකදී සිට මුස්ලිම්වරුන්ගේ ව්යාිපාර කඩාකප්පල් කිරීමට නොයෙකුත් අසත්යි චෝදනා එල්ලකරමින් සිටිති එමගින් හැකිතාත් ජාතිවාදය අවුස්සා නොසන්සුන් තත්වයක් ඇතිකිරීමට උත්සහදරමින් සිටිති.

බලන්න
නොලිමිට් ටොෆි ගැන ඔබ දන්නවාද? (http://www.thambapanne.net/?p=8810)
ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට නොමිලේ දෙන අපූරු තෑග්ග (http://damkith.blogspot.com/2011/12/nolimit.html)
අන්තවාදී මුස්ලිම්කරනය නවතා දැමිය යුතුයි.. (http://sinhalabuddhist.com/2012/05/muslimization/)

මෙය මුස්ලිම් ජාතිකයන් ඉතා අවධානයෙන් සිටිය යුතු කාලයවේ. ඔවුන්ම වියාජ මුස්ලිමි නමිවලින් පෙනීසිට අසත්ය/l නාඩගම් ක්රිසයාත්මක කරමින් සිටිති. මෑතකදී මුස්ලිමි ජිහාත් නැමැති කණ්ඩායමක් විසින් බෞද්ධ හිමිවරයකු වන සුමන හිමි වහන්සේට මරණ තර්ජනයක් එල්ලකර ඇතයි පුවත් පලකර තිබුණි. මෙමඟින් ඉතා බරපතල හා වැරදි මතයක් ගොඩනගා එහි වරද මුස්ලිමි සමාජය මත දැමීමට කටයුතු කරමින් සිටිති. මෙහි කණගාටුදායක කරුණක්වන්නේ මෙහි සෑබැ තත්වය තොරතුරැ කුමක්දැයි සොයා නොබලා ප්රඑබල ජනමධ්යමන්ද එවැනි අසත්යක පුවත්වලට රැකුලක්දීමය.

බලන්න - 
ජිහාඩ් සංවිධානයක් විසින් ඌවතැන්නේ සුමන හිමියන්ට මරණ තර්ජනය කරයි (March 12, 2012 at 1:39 pm | Lanka C News.)http://www.lankacnews.com/sinhala/news/51381/

මෙමඟින් මෙහි පසුපසින් සැලසුම් සහගත දේශපාලනික හා ජනමද්ය 1 පසුතලයකින් යුතු ශක්තිමත් කණ්ඩායමක් ක්රි යාකරන බවට වටහාගත හැකිය. මෙවැනි කුමත්රපණකරුවන් විසින් අප සුළු දෙයක්යැයි සිතන කරැණුද ඉදිරි කාලයේ විශාල කැරල්ලක් බවට පත්විය හැකිය. ඔවුන්ගේ ක්රිවයාකාරකම් විශ්වවිද්යා්ල - දහම් පාසල් - ප්රාරදේශිය මටිටමින්ද ජනතාව දැනුවත් කරන බව පවසා ප්රවචාරයකරමින් සිටිති. එනම් මුස්ලිමිවරුන් සියළු දෙනා තස්ත්රිවාදිනය - මුස්ලිම්වරුන්ට අන්යයජාතිකයන්ව ඝාතනයකරන්න යයි පවසා තිබේ. මුස්ලිම්වරුන් බෞද්ධ සිද්ධස්ථාන හා පෞරානික ප්ර දේශයන් ආක්ර්රමණය කරමින් සිටිති යැයි විකුර්ති ප්ර්චාර දියත්කරමින් සිටිති.

තවද මුස්ලිම්වරුන්ට විරුද්ධ ජාතියන්තර සංවිධාන සමඟ සමිබන්ධකම් ඇතිකර ගැනීමට තැත්කිරීම ඔවුන්ගෙන් ඩොලර් ආධාර උපකාර ලබාගැනීමට උත්සහකිරීම මුස්ලිම්වරුන්ට එරෙහිව අන්තර්ජාලයේ තිබෙන අසත්යක තොරතුරු සිංහල භාෂාවට පරිවර්ථන කර ප්රරචාරයකිරීම වැනි ක්රිකයාකාරකම්වල මොහුම් යෙදෙමින් සිටිති..

වර්තමාණයේ මුස්ලිම් සමාජයට එරෙහිව ජනමාධ්යාතුලින් ප්ර චාරය කරන අසත්යා විකෘති තොරතුරු පුවත් සම්බන්ධනයෙන් රජය වහාම පරික්ෂනණයක් ආරමිභකළ යුතුය. කුරගල - දෙවන ගල - හා මුහුදු විහාරය වැනි සිද්ධියන් සමිබන්ධරයෙන් නිසිලෙස විභාගකළ යුතු අතර ජාතිවාදය අවුස්සන ප්රමචාරයන් නවතාදැමීමට කඩිනමින් පියවරගත යුතුයි. මෙවැනි ක්රි යාකාරකම්වල ඇතමි මුස්ලිම් ජාතිකයන්ද සමිබන්ධ‍වී ඇත්නම් ඔවුන්ටද දඞුවමි ලබාදීමට මුළුමහත් මුස්ලිම් සමාජයම සූදානමින් සිටිය යුතුයි. ඇතමුන් කරන අපරාධ නීතිවිරෝධි ක්රිසයාකාරකම් ආගමිවලට සමිබන්ද කර වැරදි මත පතුරවන පුද්ගලයන්ට දැඩි දඞුවම් ලබාදීමට පියවරගත යුතුයි. නැතිනම් දිවයිනතුල යළි නොසන්සුන් තත්වයක් නොඳුරැ කාලයේදීම ඇතිවිය හැකිය.

දයාබර මුස්ලිම් සහෝදරවරැණි අප සතුවද බොහෝ වැරදි තිබේ. අප අතර බොහෝ දෙනෙකු නිසියාකාරව ඉස්ලාම් ආගම නොදැන නමින් පමණක් මුස්ලිම්වරයකු වශයෙන් ජීවත්වෙමින් සිටිති. ආදර්ශයක් නොමැති අපගේ ජීවන රටාව ඔවුන් අතර ඉස්ලාම් ආගම කෙරෙහි වැරදි මතයක් ගොඩනැගීමට හේතුවක්වී තිබේ. ශ්රීම ලාංකිකයන් යැයි පවසා සිටින අප අපගේ අනෙකුත් සහෝදරවරැන්ට ඉස්ලාම් ආගම ගැන නිසිලෙස දැනගැනීමට පහසුකම් සලසාදී තිබෙන්නේද? අල්කුර් ආනය ගැන ඉස්ලාම් ආගම ගැන සිංහල භාෂාවෙන් දැනගැනීමට අන්තර්ජාල ඇතුළු පහසුකම් සපයාදී තිබෙන්නේද? ඇතම් කුමන්තරනකාර බලවේග ජාතිකයන් අතර වැරදි මත පතුරවීමට ක්රිනයාකිරීමට අපද අපගේ නොසැලකිල්ලෙන් මඟපාදා දෙමින් සිටින්නෙමු. අප සතුව නිසි සමිපත් නොමැතිකම මෙවැනි පුද්ගලයන්ගේ වැරදි ප්රිචාරය වර්ධනයවීමට මූලික හේතුවක්වී තිබීම කණගාටුදායක කරැණක්වේ. මුස්ලිම් නොවන සහෝදරවරැන් ඉස්ලිම් ආගම හා මුස්ලිම්වරුන් සමිබන්ධයෙන් දැනගැනීමට අප විසින් යහපත් ක්රකමවේදයක් සකස්කර නොමැත. මෙවැනි තත්වය වෙනස්විය යුතුයි. මුස්ලිම් නායකයන් හා සංවිධාන මේ සමිබන්ධයෙන් විදිමත් තීරණයක් ගෙන එය කඩිනමින් ක්රි.යාත්මක කිරීමට පියවරගත යුතුය.

නිදා සිටින අප ආත්මාර්තකාමි දේශපාලකයන් ඇතමි ජාතිවාදි කණ්ඩායම් විසින් මුස්ලිම්සමාජයට එරෙහිව දියත්කරන කටයුතු කෙරෙහි නීතිමය පියවරක් ගැනීමට ඉදිරිපත්විය යුතුයි. ශ්රීා ලංකානු ඉතිහාසයේදී විදෙස් ආක්රතමණයෙන් පසු 1915 කැරල්ල - ජූලි කැරල්ල - හා දශක තුනක යුද්ධයකින් පීඩාවට පත්වී කළු සටහනක් ලබ සිටින අප තවත් ජාතීවාදී කැරල්ලක් මඟින් කළු සටහනක් තැබීමෙන් වැලකී සිටිමට මෙය කදිමඅවස්ථාවකි. ලංකාව ජාතියන්තර බලපෑමිවලට මුහුණදී සිටින අතරවාරයේ ඇතමි කුමන්ත්රකණකාරි ජාතිවාදින් විසින් වාසි ලබාගැනීමට තැත්කරමින් සිටිති. එමෙන් මෙය ශ්රීල ලාංකික ජනතාවන් සත්ය තොරතුරු කුමක්දැයි සොයා බලා අවධානයෙන් සිටිය යුතු කාලයක්වී තිබේ.

ජාති ආගමි භේදයිකින් තොර එකීය ලංකාවක් ගොඩනැගීමට මුස්ලිමි සමාජයද සහයෝගයෙන් සිටිමු...

මුහම්මදු හසාන්